අද්විතීය සිංහලයා

SLT හා සිංහල
අපි ටෙලිකොම් එකට බැන්නට මොකද,දැන් නම් හොඳ කියන්නත් කාලයක් උදා වෙලා.මේකයි හේතුව, ඊයේ අපේ ඉස්කෝලේ ඒ කිව්වේ නාලන්දේ,ප්‍රදර්ශනයක් පැවැත්වුනා.මේකට අන්තර්ජාල කුටියකුත් එක්කරල තිබුණා.මායි මගේ ෆ්‍රෙඩෙකුයි මේ පැත්තේ රවුමක් ගහන ගමන් මේකටත් මූණ දැම්ම.කුටිය වටේම කැරකිලා එනකොට එක තැනක‍ ප්‍රොාජක්ටරයක් තියල පොඩි වැඩ ටිකක් පෙන්නනව.මාත් ඉතින් බලාගෙන හිටිය.‍වේබ පේජස් ගැන එහෙම විස්තර කියල දීලා,වෙබ් පේජ් එකකුත් ඕපන් කළා.ඕපන් වුණේ සිංහල ෆයර්ෆොක්ස්වලින්,මාත් එක්ක හිටිය ෆ්‍රෙඩත් ඉන්ටනෙට් යන්ට බලාපොරොත්තු වන කෙනෙක්.මම මේ සිංහල ෆයර්ෆොක්ස් ගැන කතා මිනිහටත් කියල තිබුණා.මේක පෙන්නන්න හොඳ වෙලාව කියල හිතපු මම ඌටත් හොඳ ලෙක්චර් එකක් දුන්න.මට ඉතින් සන්තෝසෙ බෑ.සිංහල ෆයර්ෆොක්ස් දැක්කම,ඉන්නම බැරි තැන මම ටෙලිකොම් එකේ මාමලත් එක්ක කතාකරල ටිකක් දැන අඳුන ගෙන මේ ගැන විස්තර ටිකකුත් කිව්ව.කොහොම වුනත් ටෙලිකොම් එක මේ සැරේ නම් හොඳ වැඩකට අතගහල තියෙනවා.ඒකට මගේ ස්තූතිය.

ඒත් මට තව කතාවක් කියන්න තියෙනවා.මේ දෙසැමිබර් විජය පරිගණක සඟරාව සිංහල ෆයර්ෆොක්ස් හෑල්ලුවට ලක් කරල තියෙනවා.ඔවුන් දැන් වසර ගනනාවන සිට මයික්‍රොසොෆ්ට්ලට (කඩේ) යනවා.ඒකෙන් අපිට ප්‍රශ්නයක් නෑ.ඒත් ඒ අය කාට කඩේ ගියත් අනිත් පිලට මඩ ගහන්න බෑ.ඔවුන් පවසන්නේ මේක සිංහල පොරපිටියේ එක් සංදර්ශනයක් බවයි.එමෙන්ම මෙහි මෙලෙසද සටහන් වී තිබිණ

“සිංහල වෙබ් බ්‍රවිසරය අරක- මේක හැදුවාය කියා ජනමාධ්‍ය හරහා

ලොකු ප්‍රචාරයක් දෙන හැම වෙලාවකම මිනිසුන් දුටු සිහිනය මෙයයි“

මේ පවසන්නේ වෙබ් අඩවි භාෂා පරිවර්තක ගැනයි.ඔවුන් පවසන්නේ සිංහල වෙබ් අඩවි මාර්ගයෙන් අප සිංහල වෙබ් බ්‍රව්සරයක පහසුකම් දැඩි කොට පෙන්වූ බවයි.මේ අතර ඔවුන් පෙර පැවසූ පොරපිටියේ තවත් සංදර්ශනයක් ලෙස සිංහල යුනිකෝඩ් හඳුන්වා දී තිබේ.සමහර විට එම සඟරාව පවා සංස්කරණය කරන්නට ඇත්තේ සිංහල යුනිකෝඩ් මඟින් විය යුතුය,නමුත් අපේ නිර්මාණ හෑල්ලුවට ලක් කරන ඔවුන් මේ සඟරාව දිගින් දිගටම සිංහලෙන් පවත්වාගෙන යන්නේ ඇයි? ඔවුන්ගේ සැම සඟරාවකම අනිවාර්යයෙන්ම මයික්‍රොසොෆ්ට් පිළීබඳ ලිපියක් තිබේ.ලිනක්ස් ගැන ඔවුන් කටක්වත් අරින්නේ නැත.ඒ පිළීබඳ ප්‍රශ්නයක් නැඟුව හොත් ඔවුන් පවසනුයේ ලිනක්ස්වලට වඩා වින්ඩෝස් හොඳ බවය.තම රටේ නිර්මාණ තමුන්ම හෑල්ලුවට ලක් කරන සමාජයක් තුළ ඉංග්‍රීසි වටපිටාවෙන් මිදුණු සිංහල පරිගණකයක සිහිනයක් වත් දකින්නේ කෙලෙස ද?අප හෙමින් හෙමින් තබන ඒ අඩිතාලමට අකුල් හෙලන ම්ලේච්ඡයින්ද මෙරට ඇත.අපි ඊට අවාසනාවන්තයෝ ද?

සිංහල විවාහය
පුරාණ සිංහල සමාජයේ විවාහ ක්‍රම

පුරාණ සිංහල සමාජයේ විවාහ ක්‍රම ප්‍රධාන වශයෙන් දෙවැදෑරුම් වේ.

දීග විවාහ

බින්න විවාහ

දීග විවාහ

ස්ත්‍රියක් සරණ පාවා දීම හෙවත් ස්වාමි පුරුෂයාගේ නිවසට ඇය කැන්දා ගෙන යාම දීග විවාහයයි. 1938 අංක 39 දරණ උඩරට නීති ප්‍රකාශන අනුව දීග විවාහයකින් පියා සතු වස්තුව දුවට අහිමි වේ. එහෙත් පුරාණ නීතියට අනුව දීග ගිය දූවණියකට පියා සතු දේපළ(සිය අයිතිවාසිකම්) ලබා ගැනීමේ ක්‍රම පවතී.නමුදු, මෙය සදාචාරාත්මක ගැටළුවකි.

බින්න විවාහ

පුරුෂයා ස්වකීය නිවසින් වෙන්ව ගොස් භාර්යාවගේ නිවසෙහි පදිංචියට යාමෙන් සිදු කරන විවාහයි. යුරෝපීයන් පැමිණීමට පෙර සිටම බින්න විවාහ මෙරට සමස්ත සමාජය පුරාම ව්‍යාප්තව පැවති බවට සාක්ෂි හමුවේ. එසේම,බින්න විවාහයට පත්වන ස්වාමි පුරුෂයින් ගිනි හුලක්, තල් අත්තක්,සැරයටියක්, සුදානම් කරගෙන සිටිය යුතු යැයි ග්‍රාමීය ව්‍යවහාරයේ පවතී. මෙම උපහාසාත්මක වැකියෙන් හැඟෙනුයේ බිරිඳඟේ නිවසින් ඔහුට කුමන හෝ වෙලාවක ගෙයින් පිටවී යන්නට සිදුවේද කියා නොකියා කීමටයි.

මීට අවශේෂ විවාහ ක්‍රමයක් පිළිබඳව ද පුරාණ ලක් සමාජයෙන් හෙළි වේ.

.එකගෙයි කෑම:

පුරාණ සිංහල විවාහ ක්‍රම අතර සහෝදරයන් කිහිප දෙනෙකු සිටින පවුලක එක් බිරිඳක් කැන්දාගෙන ඒමේ විවාහ ක්‍රමයක් ද දක්නට ලැබු‍ණි.එහි අරමුණ වූයේ එකී පවුලේ දේපළ බෙදී යාම වැළැක්වීමයි.

ක්‍රි.ව. 1660 දී, ලංකාවට ගොඩ බැස විසි වසරක් වාසය කළ රොබට් නොක්ස් සිංහලයන්ගේ සිරිත් විරිත් හා ගතිගුණ ආශ්‍රයෙන් ලියු ඓතිහාසික විස්තර‍යේ 16වැනි සියවසේ, සිංහලයින්ගේ අවාහ-විවාහ සම්බන්ධව ලියූ කොටසක් පහත දැක්වෙන පරිදි ‘එදා හෙළ දිව’ කෘතියෙන් උපුටා ගන්නා ලදී.

“මනාලිය සිය ගෙදරට කැන්දාගෙන ඒමෙන් පසු ස්‍වශක්ති ප්‍රමාණයෙන් මනාලයා සිය නිවසෙහි මංගල සාදයක් පිළියෙල කරන්නේය.දින කිහිපයකට පසු මනාලියගේ බන්ධූහු ආහාර අඩුක්කු කඳ බැඳ ගෙන නැතහොත් ගැල්වල පටවාගෙන මනාලිය බලන්නට මනාලයාගේ නිවසට පැමිණෙති. මෙදින ද සුළු උත්සවයක් වෙයි. එනම්, මනාලයා ස්ත්‍රිය ඇඳි වස්ත්‍රයෙන් කොණක් ගෙන, ස්ත්‍රිය අනෙක් කොණ ඇඳගෙන සිටියදී දෙදෙනාම තෙමී යන පරිද්දෙන් වතුර වත් කිරීමයි. මෙම අභිෂේකයෙන් පසු ඔවුහු ජීවිතාන්තය දක්වා, නැතහොත් හැකිතාක් කල්, එක්ව වාසය කිරීමට තදින්ම බැඳුනාහු වෙති.”

පොරොන්දම් බැලීම

ප්‍රධාන ලිපිය: පොරොන්දම්

පුරාණ ගැමියන් විසින් පවසන පරිදි පෙර භවයේ පතාගෙන එන අන්දම ‘පෙර උන්දම්’ පොරොන්දම් වී ඇතැයි පැවසේ. මෙය විවාහයේ පැවැත්ම මුල් කරගෙන කායික, මානසික හා ජීව විද්‍යාත්මක වශයෙන් ගැළපීමේ පරීක්ෂණයකි.ප්‍රථමයෙන්, නැකැත් පොරොන්දම් බැලීමබොහෝ සීංහල විවාහයන්හි සිදු කෙරේ.මෙය ධනය, බලය, සමගිය හා සැපය ගැළපේ ද, යන්න පිළිබඳ කෙරෙන්නා වූ පරීක්ෂණයකි.දශ පොරොන්දම් ගැළපීමෙන් ආරම්භව විසි පොරොන්දම් ආදී වශයෙන් පොරොන්දම් බැලීම සිදුවේ.

මංගල උත්සවය

අවාහ-විවාහවලදී සිංහලයෝ ස්වකීය කුලය ගැන විශේෂයෙන් පරික්ෂාකාරී වූහ.තමන්ගේ කුලයේම කෙනෙකු මිස පහත් යැයි සම්මත කුලයකින් ඔවුහු අවාහ-විවාහයට සම්බන්ධ නොවූහ.මෙවැනි තත්ත්වයන් නූතන සිංහල සමාජයන්හි වුව අවශේෂව පවතින බැව් විද්‍යමාන වනූ නියතය.

නැකැත් පත්‍රය

මනාලයාගේ පාර්ශවය විසින් මංගල දිනයට ප්‍රථමව මනාලියගේ පාර්ශවය වෙත මංගල දින‍යේදී සිදු කරනු ලබන සියලු චාරිත්‍ර ඇතුළත් ලියවිල්ලක් රැගෙන යනු ලබයි.එය නැකැත් පත්‍රයයි.

මංගල්‍යාරාධනය

“නැකැත් දීමෙන් විවාහය ගිවිස ගත් පසු සතියකට දෙකකට පමණ කලින් දෙපාර්ශවයේ අය තම නෑයන්ගේ ගෙවල්වලට ගොස් මඟුල් කෑමට එන ලෙසට වැඩිහිටියෙකු ලවා ආරාධනය කෙරේ. පිත්තල හෙප්පුවක හෝ රිදී බන්දේසියක බුලත් තබා සුදු ලේන්සු‍වකින් වසා බුලත් දීම, බුලත් හුරුලු දීම, හසුන් පත් යැවීම ආදී වශයෙන් ආරාධනා කිරීම උඩරට හා පහතරට සිරිතය.” (ශ්‍රී ලංකා‍වේ විවාහ චාරිත්‍ර-සේනාරත්න,පී.ඇම්.)

මංගල පෝරුව

මංගල පෝරුව

පුරාණ සිංහල සමාජයන්හි නූතනයේ මෙන් කුලියට මංගල පෝරු නොවීය.එය ද මංගල්‍යයට දින කිහිපයකට පෙර සුභ හෝරාවකින් සෑදීම ආරම්භ කෙරේ.සුභ දිසාවට මුහුණලා සිටින සේ එය නිර්මාණය කෙරේ.එසේම, පෝරුව මතට පාවාඩ එළීම හා එයට උඩින් වියන් බැඳීම ග්‍රාමයන්හි හේන මාමා විසින් සිදු කෙරේ.නියම වූ සුභ මුහූර්තියෙන් මනාල යුවළ පෝරුවට නැංවීම සිදු කරනුයේ ඔවුනගේ මාමලා විසිනි.නියමිත දිසාව බලා පෝරුවට නංවන මොහොතේ මඟුල් බෙර වැයීම සිදූවේ.

පෝරු‍වේ චාරිත්‍ර ලෙසින් මනාලයා පළමුව සිය මනාලියට තැලි පිළි පළඳවයි. මනාලිය විසින් ද මනාලයාහට මුදුවක් පළඳවයි.ඉන් අනතුරුව,පවුලේ වැඩිහිටියෙකු විසින් දෙදෙනාගේ සුළැඟිලි පිරිත් නූලකින් බැඳ අත් පැන් වැඩීම සිදු කෙරේ.පසුව, මනාලිය විසින් තම මෑණියන්ට කිරිකඩ සේලයක් පිරිනමා,බුලත් හුරුල්ලක් දී ඇගේ දෙපා නමදියි.මනාලියගේ මව එය පිළිගනූයේ හිස මත තබා ගනිමිනි.යුවතිපති දෙදෙනාගේ සුළැඟිලි බැඳ අත් පැන් වඩන විට කන්‍යා ලඳුන් විසින් ‘ජයමංගල ගාථා’ කියනු ලබයි.එසේම, මේවායෙහි පළාතෙන් පළාතට ‍වෙනස් වූ ලක්ෂණ පෙන්නුම් කරයි.පෝරුවෙන් බසිනවාත් සමඟම පොල් ගෙඩියක් පිහියෙන් ගසා දෙපලූ කරයි.මෙය ගණ දෙවියන් උදෙසා කරන පූජාවක් ලෙස සැලකේ. එසේම,ඒ දෙස බලා පැරැන්නෝ විවිධ අනාවැකි පළ කරති.

විවාහ මංගල උත්සවය

මනාල පාර්ශවයේ පිරිස මනාලිය ‘කැන්දන් ඒමට’ නැකතකට අනුව පිටත් වේ.බොහෝ විට, එකී සිරිත් විරිත් සියල්ල සිදුවුයේ ආගමානුකූල චාරිත්‍ර ඉටු කිරිමෙන් අනතුරුවය. සීංහල විවාහ සම්බන්ධව සැලකීමේදී, නීතියෙන් යුග දිවියට ප්‍රවිශ්ඨ වූ බවක් කිසිදු තැනක සඳහන් නොවන කරුණකි. සිදුහත් කුමරුන්ගේ සරණ මංගල්‍යයේ සිටම, අවාහ-විවාහ සිදුවුව ද ‘කසාඳ බැඳීම’ යනුවෙන් නීතිගත ලියවිලි,රෙජිස්ටාර් කිරිම් පිළිබඳ අසන්නට නොමැත. එවැන්නක් ප්‍රථම වරට දෘශ්‍යමාන වනුයේ, විදේශිකයන් ලංකාව‍ට පැමිණීමෙන් අනතුරුවය.

අතීතයේ ජෝඩුව වෙනුවෙන් සුදු ගොන් හා ගෙජ්ජි බැඳි කරත්තයක් සරසන ලදී. සෙසු ඥාතීන් සඳහා වෙන වෙනම කරත්ත යොදා ගැණින.නමුදු අද වන විටඑකී තත්ත්වය කුලී මෝටර් රථ දක්වා වර්ධනය වී ඇත.මනාලිය කැන්දන් ඒමට මනාලයාගේ මව,පියා ඇතුළු හතරවරිගේ ප්‍රධාන නෑදෑයින් මෙ‍ම විවාහ මංගල උත්සවයට සහ-සම්බන්ධ වෙයි.

මංගල චාරිත්‍ර

මංගල චාරිත්‍ර

මංගල භෝජනය

බිම පැදුරු මත වාඩි වී සාමූහිකව භුක්ති විඳි මංගල භෝජනය වත්මන වන විට, මේස පුටු සැරසිලි කරන ලද ‘මඟුල් මඩුවක්’ දක්වා වර්ධනය වී තිබේ. එදා මංගල පෝරුවෙන් බසින යුවති පති දෙපළ පළමුව සිදු කළ කාර්ය වූයේ, මංගල භෝජනය ගැනීමයි. මනාලයා සහ මනාලිය මෙහිදී එක බඳුනේ ආහාර ගත්තෝය.බටහිර ආභාසය සමඟ කේක් වැනිදෑ ද අද වන විට එක් ව තිබේ.

මංගල කේක්

මංගල භෝජන සංග්‍රහය අවස්ථා 04 කින් යුක්ත විය.

1.ලාදර බත: මඟුල් ගෙදරට උදව් පදව් කළ නෑදෑයන් වෙනුවෙන් දෙනුයේ;ලාදර බතයි.

2.ආදර බත: මංගල භෝජනයයි.

3.කෑදර බත: මඟුල් ගෙදරට වෙහෙස මහන්සි වූ නෑදෑ හිතවතුන් වෙනුවෙන් දෙනුයේ; කෑදර බත‍යි.

4.යෝදර බත: පසුදා මනාලයා දෙන විශේෂ බතයි.

යුවතිපති දෙපළට ආශිර්වාද

මංගල භෝජන‍යෙන් පසුව, ඈත අතීතයේ කවිකාර මඩුවක් පැවැත්විණි. එය පසු කලෙක කතා පැවැත්වීම, මනාලියට මනාලයාට අවවාද දීම්, සංග්‍රහ උදෙසා ස්තූතිය ප්‍රකාශ කිරීම්, අඩුපාඩු සඳහා සමාව භජනය කිරීම් ආදියෙන් සමන්විත සභාවක් බවට පත්ව තිබේ. මනාලිය, මනාලයාගේ මවට භාර දීම, මනාලියගේ මව, පියා ඇතුළු වැඩිහිටියන්ට වැඳ නමස්කාර කිරීම් එහිදී සිදුවේ.විශේෂයෙන්, මනාලිය කැන්දාගෙන යාමට ආසන්නව ඇය‍ට අවවාද දීම් අසන්නට, දකින්නට ලැබේ.

ශ්‍රී රාහුල හිමියන් විසින් රචිත කාව්‍ය ශේඛරයේ මංගල අවස්ථාවක පියකු දියණියකට දුන් අවවාද මෙසේ දැක්වේ.

“නොකියා සිය හිමිට , නැතිවද උතුරු සළු පට, ගමන් ඉක්මන් නොකොට, නොයන් නුඔ වසන ගෙන් පිටතට”

මංගල පෙරහැර

මනාලිය කැන්දාගෙන ‍යන මෙම මංගල පෙරහැර ඉතා අලංකාරවත් වූවකි. අසවලා අසවල් තැනින් කැන්දාගෙන ‍යන බැව් ඉන් සංකේතවත් කරයි. ප්‍රසිද්ධිය ගෙ‍නෙ‍න අංග මීට ඇතුළත්ය.

මනාලයාගේ පාර්ශවයේ උත්සවය

සිය මනාලිය ස්වකීය නිවසට කැන්දාගෙන ඒමෙන් මනාලයාගේ පාර්ශවයේ උත්සවය ආරම්භ වේ. මෙය ‘දෙවැනි ගමන් යාම’ ලෙස සිංහල විවාහයන්හි දී හඳුන්වයි. එදා, අද මෙන් ‘මධුසමය’ සඳහා පිටත් ව යාමක් නොපැවතුනු අතර, මනාලියගේ නිවසින් මනාලයාගේ නිවස වෙත ගමන් ඇරඹීය. එතෙක්, තමා හැදුනු, වැඩුනු පරිසරයෙන් වියුක්තව මනාලිය එතැන් සි‍‍ට නව දිවියක් අරඔයි.

එලෙසින්, සීංහල විවාහ මංගලෝත්සවයක නිමාව සනිටුහන් වුව ද, යහපත් සමාජයක ඉදිරි පැවැත්ම නීර්ණය කෙරෙන සොඳුරු ගමන් මඟක‍ට කවුළු පියන් පත් ඉන් විවර වනු ඇත.

ලෝකයට ආයුබෝවන්!
වර්ඩ්ප්‍රෙස් වෙත සාදරයෙන් පිළිගනිමු. මේ ඔබේ පළමු ලිපියයි. එය සංස්කරණය කරන්න නැතිනම් මකා දමා බ්ලොග්කරණය අරඹන්න!